Breaking News
Home / Video / “අන්තිම මාස හයේ දූෂණ මර්ධන ඒකකය කීපවරක් ලංකාවට ආවේ නිකන් නෙවෙයි” මහානාම ක්‍රිකට් පරිපාලනය පතුරුගහයි

“අන්තිම මාස හයේ දූෂණ මර්ධන ඒකකය කීපවරක් ලංකාවට ආවේ නිකන් නෙවෙයි” මහානාම ක්‍රිකට් පරිපාලනය පතුරුගහයි

මෙරට පාසල් ක්‍රිකට් සංවර්ධනය සඳහා සැකසුණු තුන් අවුරුදු සැලැස්ම එළි දැක්වීම ඊයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

මෙම සැළසුම සකස් කෙරුණේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන සිදත් වෙත්තමුණි සහ මහේල ජයවර්ධන ප්‍රමුඛ කමිටුවක් මගින්.

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරිවසම් මහතාගේ අරාධනයෙන් අවස්ථා කිහිපයකදී රැස්වු මෙම කමිටුව සකස් කළ සැලසුම තුළ ප‍්‍රධාන අංශ 16 පිළිබදව අවධානය යොමු කර තිබෙනවා.මෙම පාසල් ක‍්‍රිකට් සංවර්ධන සැලසුම ලබන වසරේ සිට 2020 දක්වා ක‍්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මේ උත්සව සභාව ඇමතූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ පාසල් තුළින් ඉදිරි ලෝක කුසලාන ජයගැනීම සඳහා ක්‍රීඩකයින් සකස් කළ යුතු බවයි.

අනතුරුව මහේල ජයවර්ධන උත්සව සභාව ඇමතුවා. ඔහු කියා සිටියේ වර්තමාන ක්‍රිකට් කඩාවැටීමට හේතුව පාසල් මට්ටමින් ඇතිවූ කඩාවැටීමක් නොවන බවයි.

– අකිල විරාජ් කාරියවසම්

පසුගිය කාලය පුරාම අපි පිළිගන්න ඕන ක්‍රිකට්වල පසුබෑමක් තියෙනවා. අපිට ඕන වුණා අනාගතයේ මේ තත්ත්වය උදා නොවීමට වගබලාගන්න. අනාගතයේ මේ තත්ත්වය උදා නොවීමට වග බලාගන්නනම්. ඒ සඳහා තිබෙන ප්‍රධානම අවස්ථාව තමයි පාසල තුළින් මේ ක්‍රිකට් ක්‍රීඩකයින් බිහිකරන එක. නැවතත් අපි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම අනාගතයේ යන්න අවශ්‍ය පසුබිම හදන්න පුළුවන්නම් පාසල් තමයි ඒකෙ තෝතැන්න. මෙතන කිසිම න්‍යායපත්‍රයක් නෑ පෞද්ගලික න්‍යායපත්‍ර. මෙතන කිසිම කඳවුරක් නෑ. මෙතන කිසිම දේශපාලන මතවාදයක් නෑ. මෙතන ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ පරම අධිඨන පමණයි. තුන් අවුරුදු සැලැස්මක් හදලා තියෙනවා ඒ සැලැස්ම දැන් ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ සඳහා පහසුකම් ලබාදීම රජයක් වශයෙනුත් අමාත්‍යාංශය වශයෙනුත් අපේ වගකීම. අපි ඒ පහසුකම් සියල්ලම කොහොමහරි ලබාදෙන්න ක්‍රියාකරනවා.

– මහේල ජයවර්ධන

අපි හැමෝම දන්න කරුණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ. ලංකාවේ හදගැස්ම කියන එක කාලයත් අනුව පසුබෑමකට ලක්වෙනවා. පාසල් ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලංකාවේ අඩිතාලම. ශ්‍රී ලංකා කණ්ඩායම දැනට පත්වෙලා තියෙන ඉරණමට වගකිව යුත්තේ පාසල් ක්‍රිකට් කියන එක මම පිළිගන්නේ නැහැ. ඒකට ඊට වඩා ප්‍රශ්න තියෙනවා. අපි ඒ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න ඕන.

-රෝෂාන් මහානාම

ශ‍්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක‍්‍රිකට් කණ්ඩායම නොබෝ දිනකින් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වෙන්න යනවා.මට එකග වෙන්න බෑ ශ‍්‍රී ලංකා ක‍්‍රීකට් අසෝසියේෂන් එකෙන් තුන්දෙනෙක් ඒ සංචාරයට සහභාගී වෙන එක ගැන.ඊට වඩා හොදයි තව ක‍්‍රිඩකයෙක් තව පුහුනුකරුවෙක් ඒ සංචාරයට සහභාගී වුනානම් කියලා.ඒක මගේ අදහස.මට ඊයේ ආරංචියක් ලැබුණා ප‍්‍රවීන ක‍්‍රීඩකයෙන් සංචිතයෙන් ඉවත්වීම ගැන ක‍්‍රීඩා ඇමතිට කතා කරල තියනවා කියල.ඒ කාලේ අපි දන්නේ ක‍්‍රීඩා ඇමති කවුදවත් කියලා..

 

About article14_2

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!