Breaking News
Home / ක්‍රිඩා / අන්තිම දින දහයේ අපි ගොඩක් පුහුණුවීම් කළා. හයේ හතර පහර ගහන්න අඩුපාඩු මන් හදාගත්තා – අතීතයේ ප්‍රවේගකාරී පිතිකරුවා චන්දි කියයි

අන්තිම දින දහයේ අපි ගොඩක් පුහුණුවීම් කළා. හයේ හතර පහර ගහන්න අඩුපාඩු මන් හදාගත්තා – අතීතයේ ප්‍රවේගකාරී පිතිකරුවා චන්දි කියයි

ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණෙන කාලයේ ඔහු ක්‍රීඩා ලෝලීනට මතක් වන්නේ ප්‍රවේගකාරී පිතිකරුවකු ලෙසය.තම ආරක්ෂාව ප්‍රහාරය කර ගන්නා චන්දිමාල් එම සමය වන විට වේගපන්දු යවන්නන්ට සහ දඟ පන්දු යවන්නන්ට එකලෙස පහර දෙන පිතිකරුවෙක් වන අතර ඔහුගේ මෙම සහජ හැකියාව පසු කාලීනව යටපත් වන්නේ චන්දිගේ තාක්ෂනය වෙනස් කිරීමට උත්සාහ කල පුහුණු කරුවන් නිසා බව පසු ගිය කාලයේ කියවිණි.

Image result for dinesh chandimal

චන්දිමාල් ටෙස්ට් පිතිකරුවකු ලෙස හංවඩු ගසමින් එක්දින සහ T20 කණ්ඩායමේ තැනක් නැති වෙන තැනට ඔහු තල්ලු කර තිබෙන අකාරය පසුගිය කාලයේ දැකගත හැකි වූ අතර නව පුහුණුකරු පැමිණීම සමඟ නැවත චන්දි එක්දින කණ්ඩායමට මෙන්ම T20 පිටියටද පැමිණ ඇති අතර මේ වන විට කණ්ඩායමේ නායකත්වයටද පත් වී ඇත.

Image result for dinesh chandimal

නිදහස් කුසලානයට දිනයක් තිබියදී පැවති මාද්‍ය හමුවේදී චන්දිමාල් තමාගේ තිබු වැරදි ගැන මෙන්ම කණ්ඩායමේ සුදානම ගැනද අදහස් දක්වා ඇත.

“ඇත්තටම අපි කණ්ඩායමක් විදියට ලොකු සුදානමකින් ඉන්නේ,මොකද අපේ ප්‍රේක්ෂකයෝ ඉස්සරහ අපිට සෙල්ලම් කරන්න තියෙන්නේ,පහුගිය අව්රුද්දක වගේ කාලයක මට T20 කණ්ඩායමේ තැනක් තිබුනේ නෑ,බංගලාදේශ තරඟාවලිය එක්ක තමයි කණ්ඩායමට ආවේ,හැමදෙනාම දන්නවා T20 කණ්ඩායමේ ඉන්න නම් හයේ හතරේ පහර වලින් නිතරම ලකුණු ගන්න පුළුවන් වෙන්න ඕන,මම හිතන්නේ මට ඒ අඩුපාඩුව තිබුන දැන් ගොඩක් දුරට පුහුණුවීම් වලින් ඒ දේවල් හදා ගෙන තියෙන්නේ.”

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලයේ අනුගමනය කල උපාය ගැනද චන්දිමාල් මෙහිදී අදහස් දක්වා තිබිණි.”ගොඩක් වෙලාවට අපි පහුගිය තරඟවල බැලුවේ වමත් දකුණත් පිතිකරුවෝ එක්ක ඉස්සරහට යන්න,අවශ්‍යතාවය එක්ක ඉස්සරහට ඇවිත් සෙල්ලම් කරන්න අදහසක් තියනවා.අපි පහුගිය දවස් 10 වගේ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පුහුණුවීම් කළා,ඒ නිසා අපිට ලොකු විශ්වාසයක් තියනවා පලවෙනි තරඟය දිනලා තරඟාවලියට හොඳට පිවිසෙන්න පුළුවන් වෙයි කියල.”

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!