Breaking News
Home / දේශීය පුවත් / අධිකරණයට අපහස කළායයි වරදට අභියාචනා අධිකරණයෙන් ඥානසාර හිමිට බරපතල වැඩ සහිතව අවුරුදු 19ක සිර දඬුවමක්

අධිකරණයට අපහස කළායයි වරදට අභියාචනා අධිකරණයෙන් ඥානසාර හිමිට බරපතල වැඩ සහිතව අවුරුදු 19ක සිර දඬුවමක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට බරපතල වැඩ සහිතව අවුරුදු 19ක සිර දඬුවමක් වසර 06කින් ගෙවී යන ලෙස ලබාදීමට අභියාචනාධිකරණ නියෝගකර තිබෙනවා.

ඥානසාර හිමි අධිකරණය හමුවේ වරදකරු වෙයි. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා 04ටම උන්වහන්සේ වරදකරු බව අභියාචනාධිකරණය අද (08) තීන්දු කළා.

මේ පිළිබඳව අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න විසින් නඩුව කැදවූ අවස්ථාවේදී දැනුම් දෙනු ලැබුවා.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇත්දැයි විභාග කර ඒ පිළිබදව පියවරක් ගන්නා ලෙස ඉල්ලා එවකට හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මෙම පෙත්සම අභියාචනාධිකරණයට යොමුකර තිබුණා.

ඒ අනුව අභියාචනාධිකරණය විසින් මීට පෙර කරන ලද නියෝගයකට අනුව කරුණු සලකා බැලූ නීතිපතිවරයා ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා 4ක් යටතේ මෙම පෙත්සම ගොනු කරනු ලැබුවා.

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!