Breaking News
Home / කාටූන් / අද ශ්‍රී ලංකා දේශපාලනයේ තීරණාත්මක දිනයක්. ඔළුගෙඩි මාරුවකින් සියල්ල වෙනස් වේවිද? බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට

අද ශ්‍රී ලංකා දේශපාලනයේ තීරණාත්මක දිනයක්. ඔළුගෙඩි මාරුවකින් සියල්ල වෙනස් වේවිද? බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට

බැඳුම්කර කොමිසම් වාර්තාවේ පිටපත් 26 ක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත අද (17) භාරදෙන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

ඊට අමතරව මහා පරිමාණ දූෂණ සහ වංචා පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ද පාර්ලිමේන්තුව වෙත යොමු කරන බවයි ඔහු කියා සිටියේ.

ඒ, විමර්ශන සිද්ධීන් 34 කට අදාළව වෙන් වෙන්ව ඉදිරිපත් කර ඇති වාර්තා ද සමඟින්.

එසේම බැඳුම්කර කොමිසමේ වාර්තාව අන්තර්ජාලයට යොමු කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති ලේකම්වරයා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළා.

මේ පිළිබඳව ඊයේ (16) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී ද අමාත්‍ය මහින්ද සමරසිංහ මෙලෙස අදහස් පළ කළා.

මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබුණේ පසුගිය 10 වනදායි.එහෙත් එදින පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායකවරයා සභාවට දැනුම් දුන්නේ එම වාර්තාව නිසි අධ්‍යයනය කිරීමකින් පසු සතියක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවයි. ඒ අනුවයි අද දින එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ.”

එහි පිටපත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාටම ලබාදීමට නියමිත අතර, ලබන 23 වනදා පාර්ලිමේන්තුව ආරම්භයට පෙර පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතයි.

එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙම බැඳුම්කර ගණුදෙනුවේ වාර්තාව සම්බන්ධයෙන් ඉල්ලා සිටි විවාදය පවත්වන දිනය ද පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව තීරණය කෙරෙනු ඇති.

About lanka

Check Also

හරින්ට තවත් ඇමතිකමක් ලැබෙන්න යයි මේ එජාප තනි ආණ්ඩුවක පෙරනිමිතිද?

තමන් දැනට දරන ඇමති ධුරයට අමතරව තවත් ඇමති කොටසක් තමාට ලැබෙන බව විදුලි සංදේශ හා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!