Breaking News
Home / දේශීය පුවත් / අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමග මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස් වන්නේ යැයි අන්තර්ජාලයේ වාර්තා පල වෙමින් ඇත.

කෙසේ වෙතත් මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඔහු සිය ට්විටර් ගිණුම ඔස්සේ සඳහන් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේ ස්ථිර වශයෙන්ම පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වන බවයි.

එමෙන්ම අතුරු තහනම් නියෝගය යනු ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් තීන්දුව නොවන බවද මන්ත්‍රීවරයා සිය සටහනේ සඳහන් කර ඇත.

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!