Breaking News
Home / දේශීය පුවත් / අද මිනිස්සු ඉතිහාසය ගැන දන්නේ නැ කියවන්නේ නැ ඉගනගන් නැ රාජසභාවක් ඉදිකළ තුන්වන පරාක්‍රමබාහු අවසානයේ චුදිතයා කරයි – රනිල්

අද මිනිස්සු ඉතිහාසය ගැන දන්නේ නැ කියවන්නේ නැ ඉගනගන් නැ රාජසභාවක් ඉදිකළ තුන්වන පරාක්‍රමබාහු අවසානයේ චුදිතයා කරයි – රනිල්

කුරුණෑගල පුරාවස්තු විනාශ කිරීම සම්බන්ධයෙන් වාර්තාව ගෙන අවසානයේ දී කුරුණෑගල දඹුල්ල මහා මාර්ගය අවහිර කරමින් රාජ සභාවක් හැදුවා යැයි තුන්වන පරාක්‍රමබාහු රජතුමාට විරුද්ධව නඩු පවරාවිදැයි තමා නොදන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) පැවසීය.

කෙසේ හෝ මේ අපරාධය සම්බන්ධයෙන් ඉක්මනින් නඩු මාර්ගයට අවතීර්ණ වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පැවසූයේ “තොටගමුවේ ගුණවර්ධන වික්‍රමසිංහ පරපුර” ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.

“ප්‍රදේශයන් වල ඉතිහාසය දැන ගැනීමේ වැදගත්කම අද අපට පෙනී ගොස් තිබෙනවා.කුරුණෑගල ප්‍රදේශයේ ඉතිහාසය දැනගෙන සිටියා නම් බුවනෙකබාහු රජතුමාගේ රාජ සභාව විනාශ කරන්නේ නැහැ.

සාමාන්‍යයෙන් මෙවැනි සිදුවීමක දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මීට වඩා ශීඝ්‍රයෙන් ක්‍රියා කළ යුතුයි.නමුත් මේ කාරණය ගැන සෙවීම ටිකක් ප්‍රමාද වී තිබෙනවා.

මේ ගැන සොයාබලා වාර්තා ගත් විට අවසානයේ කුමක් වේවිදැයි මා දන්නේ නැහැ.නමුත් මේකට අන්තිමට වගකියන්න වන්නේ කාටදැයි කියලා අප දන්නවා.ඊට වග කියන්නට සිදු වන්නේ තුන්වන පරාක්‍රමබාහු රජතුමාටයි.එතුමා කුරුණෑගල රාජ සභාව ඉදිකළේ නැතිනම් එතන ගොඩනැගිල්ලක් නැහැ .යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

About article14

Check Also

සමගි ජන බලවේගයට පැන්න 54 ක් එජාපයෙන් නෙරපයි ප්‍රාදේශීය දේශපාලකයින් රොත්තක්ද දොට්ට

සමගි ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන සහ ඊට සහය දක්වන එක්සත් ජාතික පක්ෂ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!