Breaking News
Home / ක්‍රිඩා / අද තරගය ජයගතහොත් තරගාවලියේ රැදී සිටිය හැකි සධීර හෝ ධනුෂ්ක ඇතුලට වේග පන්දුයවන්නෙක් එලියට

අද තරගය ජයගතහොත් තරගාවලියේ රැදී සිටිය හැකි සධීර හෝ ධනුෂ්ක ඇතුලට වේග පන්දුයවන්නෙක් එලියට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර දෙවන T20 තරඟය අද ඉන්දෝර් හිදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7:00 පමණ ආරම්භ වීමට නියමිතය.තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් තරඟයක් වන්නේ මෙම තරඟය පරාජයට පත් වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලියේ ජයග්‍රහණ බලාපොරොත්තු අද දිනයේදීම අතහැර දැමීමට සිදුවීම නිසාය.

තරඟය පැවැත්වෙන ඉන්දෝර් ක්‍රීඩාංගනයේ තණතිල්ල පිතිකරුවන්ගේ පාරාදීසයක් ලෙස සැලකෙන අතර හතරේ සීමාව එතරම් දුරින් පිහිටන විශාල ක්‍රීඩාංගනයක් නොවන නිසා හයේ පහර වලින් ලකුණු සොයන්නන්ට අද තරඟයේ හොඳ අවසථාවක් ලැබෙනු ඇත.

තරඟයට සහභාගී වන කණ්ඩායම් දෙකේ වෙනස් කමක් පිළිබඳව තවමත් ඉන්දියාවෙන් වාර්තා වන්නේ නැති අතර තරඟාවලිය ජය ගැනීමේ අරමුණින් ඉන්දීය කණ්ඩායම අද තරඟයට බොහෝ විට පසුගිය තරඟයේ ජයග්‍රාහී කණ්ඩායමම යෙදවීමට ඉඩ ඇති බව ඉන්දීය මාද්‍ය වාර්තා කරන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටුන පිතිකරණ බලකාය ශක්තිමත් කිරීමේ අරමුණෙන් බොහෝ විට වේග පන්දු යවන්නෙකු වෙනුවට පිතිකරුවෙකු කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩක් ඇත.

එම අවස්තාව හිමිවන්නේ සධීර සමරවික්‍රම ටද නැතිනම් ධනුෂ්ක ගුණතිලකට ද යන්න තවමත් නිශ්චිත නැති අතර වමත් පිතිකරුවන් රැසක් සිටින නිසා බොහෝ විට සධීරට අවස්තාව හිමි වීමට ඇති ඉඩ වැඩි අතර ,අංක තුන ස්ථානය කුසල් ජනිත්ට ලබා දෙනවාද ධනුෂ්ක ගුණතිලක කැඳවනවාද යන ප්‍රශ්නය ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ ඇති අතර ,පාකිස්තානය සමඟ T20 තරඟාවලිය තුල සාර්ථකත්වයක් පෙන්වූ ධනුෂ්ක ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක බුම්රා ඉදිරියේ එක්දින තරඟාවලියේ අසාර්ථක වීම ධනුෂ්කට මෙම කණ්ඩායමේ තැන අහිමි වීමට ආසන්න වශයෙන් බලපෑ කරුණ ලෙස හැදින්විය හැක.

ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු යවන්නන් ලෙස තිසර පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්,දසුන් ශානක සහ අසේල ගුණරත්නගේ සහයද ලබාගත හැකි නිසා බොහෝ විට දුෂ්මන්ත චමීරට අද කණ්ඩායමේ අවසතාව අහිමි වනු ඇත.

ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කරන කණ්ඩායම් දෙක.

ක්‍රීඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම
තිසර පෙරේරා (නායක), උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්, සධීර සමරවික්‍රම , ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, දසුන් ශානක, අකිල ධනංජය, නුවන් ප්‍රදීප් සහ විශ්ව ප්‍රනාන්දු

ක්‍රීඩා කල හැකි ඉන්දීය කණ්ඩායම
රෝහිත් ශර්මා (නායක), ලෝකේෂ් රාහුල්, ශ්‍යාස් අයියර්, මනීෂ් පාණ්ඬේ, මහේන්ද්‍ර සිං දෝනි, හර්දීක් පාණ්ඩ්‍යා, යුස්වේන්දර් චාහල්, කුල්දීප් යාදව්, ජස්ප්‍රීට් බුම්රා, දිනේෂ් කාර්තික් , ජයදේව් උනාඞ්කට්

About article14_2

Check Also

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි. විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා සෝබිත හිමි දේහයට දිවුරලා බලය රැකගන්න බැසිල් ලග වැද වැටුනා – මහාචාර්ය සරත් විජේසුරිය

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි.- මහාචාර්ය සරත් විජේසුරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!