Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / අදත් දිවයිනේ පළාත් කීපයකට තද වැසි.. අකුරැස්සට මහ ගංවතුර තත්වයක්

අදත් දිවයිනේ පළාත් කීපයකට තද වැසි.. අකුරැස්සට මහ ගංවතුර තත්වයක්

අද දිනයෙන් පසු දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය තාවකාලිකව අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.  කෙසේ වෙතත් අද දිනයේත් සබරගමුව, බස්නාහිර, දකුණ සහ මධ්‍යම පළාත්වල තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පවතින වැසි තත්ත්වයත් සමඟ නිල්වලා ගෙඟ් ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මේ වනවිට පානදුගම ප්‍රදේශය අවට මහ ගංවතුරක් දක්වා ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.  එමඟින් අද අලූයම නිකුත් කරන ලද ප්‍රධාන ගංඟාවල ජල මට්ටම් පිළිබඳ නිවේදනයට අනුව කළු ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා. කෙසේ වෙතත්, එහි සඳහන් කර ඇත්තේ ඉදිරි පැය 06 ක කාලය තුළ ජල මට්ටම් තවදුරටත් ඉහළ යාමක් අපේක්ෂා නොකරන බවයි.

එමෙන්ම, පසුගිය පැය 12 ක පමණ කාලය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් කැළණි ගඟ, ගිං ගඟ සහ අත්තනගලූ ඔය ආශ්‍රිත ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් අපේක්ෂා නොකරන බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත්, නිල්වලා ගෙඟ් ජල මට්ටම පානදුගම ප්‍රදේශයෙන් ඉහළ යෑමත් සමඟ අකුරැස්ස – කඹුරුපිටිය, අකුරැස්ස – සියඹලාගොඩ, අකුරැස්ස – කද්දුව, කද්දුව – මාලිම්බඩ යන මාර්ග ගංවතුර තර්ජනයට ලක්ව තිබෙනවා.  ඒ හේතුවෙන් එම මාර්ග භාවිත කිරීමෙන් වළකින ලෙසත්, ගඟ අවට පහත් බිම්වල වාසය කරන ජනතාවට ගංවතුර තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම, වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ද තවදුරටත් ඉහළ යමින් පවතින බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.  මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන්දොරටුවක් විවෘත කර ඇති අතර, ඉහළ කොත්මලේ ජලාශයේද වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා.  විමලසුරේන්ද්‍ර ජලාශය ද වාන් දැමීමට පටන් ගෙන ඇති අතර, ඊයේ විවෘත කළ කුකුලේ ගඟ ජලාශයේ වාන්දොරටු තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වන බවයි වාර්තාවන්නේ.

එසේම, දිස්ත්‍රික්ක 5කට නිකුත් කළ නායයෑම් අවදානම් අනතුරු ඇගවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.  ඊයේ මාතර, කෑගල්ල, නුවරඑළිය, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් ප්‍රකාශයට පත් කළා.  රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, ඇහැලියගොඩ සහ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට නායයෑමේ අවදානම බලපැවැත්වෙනවා.

About article14

Check Also

ඒබීඩී විලියර්ස්ගේ ෆේස්බුක් ෆෑන් පේජ් එක ලංකාවෙ ප්‍රේක්ෂකයන් වනසයි ඔෆ් සීසන් කතාවට පරාජයත් එක්ක සිංහලෙන් ඉංග්‍රීසියෙන් රිදෙන්න කියපු හැටි

කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනා ගත්ත ක්‍රීඩකයෙක් තමයි දකුණු අප්‍රිකාවේ AB de Villiers. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!