Breaking News
Home / දේශීය පුවත් / අතීතයේ මෙන් නොව වර්තමාන පවුල්වල වියදම් සංකීර්ණ නිසා ආර්ථික කටයුතු අමාත්‍යංශයෙන් නව පවුල් ආර්ථික ඒකකයක්

අතීතයේ මෙන් නොව වර්තමාන පවුල්වල වියදම් සංකීර්ණ නිසා ආර්ථික කටයුතු අමාත්‍යංශයෙන් නව පවුල් ආර්ථික ඒකකයක්

පවුලේ ආර්ථිකය පිළිබඳව සොයා බලා විසඳුම් ලබාදීම සඳහා නව ඒකකයක් පිහිට වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ  (08) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී පැවසීය.

අළුතින් පිහිටුවන ලද පවුල් ආර්ථික ඒකකය මගින් පවුලේ ආර්ථිකයේ ඇති වියදම, ආදායම, එය රටේ ආර්ථිකයට කෙරෙන බලපෑම මෙන්ම රටේ ආර්ථිකය පවුලේ ආර්ථිකයට බලපාන්නේ කෙසේද වැනි කරුණු පිළිබඳව මෙම ඒකකය මගින් සොයා බලන බව හෙතෙම කීය.
පවුල් ආර්ථික ඒකකය පිහිටුවීමෙන් අනතුරුව එහි ප්‍රථම සාකච්ඡාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේදී අරලියගහ මන්දිරයේදී පැවති අතර එහිදි මාධ්‍යට ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළ වික්‍රමසිංහ මහතා තවදුරටත් මෙසේද කීය.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ අලූත් ඒකකයක් ආරම්භ කරනු ලැබුවා. ඒ තමයි පවුල් ආර්ථික ඒකකය. ජාතික ආර්ථිකය පිළිබඳ තොරතුරු අප සතුව තිබෙනවා. එසේම ඒවා ක්‍රියාත්මක කරනවා. නමුත් ගෙදර ආර්ථිකය පිළිබඳ තොරතුර අප ලබාගත යුතු වෙනවා. ජීවන වියදම සලකා බැලීමේදී විශේෂයෙන්ම අපේ අවධානය යොමු වූයේ අත්‍යවශ්‍ය ආහාර පිළිබඳවයි.

නමුත් අද ගෙවල්වල අත්‍යවශ්‍ය ආහාර පමණක් නොව අනෙකුත් බොහෝ වියදම් දැරීමට සිදුවෙනවා. ගමනා ගමනය, ඇඳුම් පැලඳුම්, ටියුෂන් ගාස්තු, දුරකතන ගාස්තු, නිවාස කුලී, පෙර පාසල් ගාස්තු ආදී වියදම් ගණනාවක් තිබෙනවා. සමහර පවුල්වල ආහාර පාන වියදමට වඩා මෙවැනි අංශවල වියදම ඉහළයි. ඒ නිසා පවුලේ ආර්ථිකයක තිබෙන වියදම කොපමණද? ආදායම කොපමණද? එය රටේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද? ඒ වගේම රටේ ආර්ථිකය පවුලේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද? ආදී වශයෙන් සොයා බැලීමට මෙම අලූත් ඒකකය කටයුතු කරනවා. ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ පලමු රැස්වීම අපි අද පැවැත්වූවා.

මේ රටේ ජනතාවට ජීවත්වීමට හැකි දියුණු ආර්ථිකයක් අපි සකස් කළා. ඒ වෙනුවෙන් සහන ලබාදුන්නා. ඒ වගේම අපි ඒ පිළිබඳව යලි සලකා බලනවා. ඒ අනුව මුදල් තියෙන ආකාරයට අනුව රජය ක්‍රියා කරනවා. මේ කර්තව්‍ය සඳහා පවුල් ආර්ථික ඒකකය නමැති අලූත් ඒකකය ඉතා වැදගත් වෙනවා.

About lanka

Check Also

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා පාලනය ගිලිහෙමින් යනවලු කොළඹ අහබු පරීක්ෂාවකින් ආසාදිතයින් 937 ක් හොයාගෙන

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරස පාලනය සෞඛ්‍ය අංශ වලින් ගිලිහෙමින් අති බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!