Breaking News
Home / ක්‍රිඩා / අතපත්තු ජයසූරියගේ ටෙස්ට් ආරම්භක පිතිකරන යුගලයෙන් පසු වසර 10 ක් ලංකාවට හොයාගන්න බැරිවුන ආරම්භක පිතිකරුවා

අතපත්තු ජයසූරියගේ ටෙස්ට් ආරම්භක පිතිකරන යුගලයෙන් පසු වසර 10 ක් ලංකාවට හොයාගන්න බැරිවුන ආරම්භක පිතිකරුවා

සදීරගේ සුපුරුදු අසාර්ථක ටෙස්ට් දිවියේ 8 වන ඉනිමත් ලකුණු 5 කට දැවී ගියා. මේ තරගයටම ඔහු ලබා ඇත්තේ ලකුණු 38 ක් පමනයි. ඒ අනුව ඔහු ඉනිම් 8 ටම ලබා ඇත්තේ ලකුණු 125 යි. එය ඉතා දුර්වල තත්වයක්.

කෙසේ වෙතත් ටෙස්ට් ආරම්භක පිතිකරනයේ සිටි උපුල් තරංග මාස 6 ක් ටෙස්ට් ක්‍රීඩා නොකිරීමට තීරනය කලේ එක්දින නායකයා ලෙස වැඩි වගකීමක් ගැනීමටයි. එහෙත් මේ වන විට එය ලාහෝර් කලගුණ වෙනුවෙන් එය අහිමි කරවීම නිසා නැවත ආරම්භක පිතිකරනයට දිමුත් සමග එක්වීම ඉතා සුදුසු බවයි අපට පෙනී යන්නේ.

නමුත් පලිගැනීම කෝකටත් වඩා නිර්ලජ්ජිත නිසා උපුල්ට එක්දින ආරම්භක පිතිකරනයත් අහිමි නොවුනොත් එය පුදුමයකි. සෑම පරිපාලනයකින්ම සහ තේරුම් කමිටුවලින් අසාධාරණයට ලක්වූ ක්‍රීඩකයා තරංගයි. වරක දිල්ශාන් සමග ආරම්භක පිතිකරනයේ යෙදීමට සිදුවීම ගැන දිල්ශාන් අකමැති වීම නිසා කණ්ඩායමේ සමබරතාවය වෙනුවෙන් ලංකාවේ දෙවන ඉහලම ඉක්දින ලකුණ වන 174 ලබා ගැනීමෙන් පසු ඊලග තරගයෙන් කපා දැමීම නිසා වසර ගනනක් ක්‍රිකට් අහිමිවී සිටීම හොඳම උදාහරනයයි.

නමුත් දිට්ට දම්මවේදනීය කර්මය පඩිසන් දුන්නාක් මෙන් දිල්ශාන්ද අවසානයේ ක්‍රීඩාවෙන් සමුගත්තේ හිටි හැටියේ හිත් රිදීමෙකිනි. එය ඔහු සමුගැනීමෙන් පසු සෘජුව හෙලිකලා. ඩිල්ශාන්ට එසේ වීම හොඳයි කියනවා නොවෙයි. එහෙත් ලංකාව වැනි රටක ප්‍රමාද වී හෝ අසාදාරනය ඕනෑම දවසක ආපසු භූමරංගයක් සේ පැමිනෙනු ඇති.

කෞෂාල් සිල්වා අවසන් කාලයේ අසාර්ථ වෙද්දිත් ඔහුටත් වැඩියෙන් අවස්ථා ලැබුනි. කෙසේ වෙතත් මේ වන විට ආරම්භක පිතිකරු සහ තුන්වන පිතිකරුගේ ස්ථානයට කණ්ඩායමේ ක්‍රීඩකයන් නැතිවීම කන්ඩායමටම පීඩනය ගෙන දෙන්නක් වී තිබෙනවා.

දැනට වසර 10 ක පමන කාලයක සිට ලංකාවට ස්ථාවර ආරම්භක පිතිකරන යුගලයක් නැත. ඒ 2007 මාවන් අතපත්තුගේ සමුගැන්මත් සමග. ජයසූරිය අතපත්තු කාලයක් මෙන ස්ථානයේ ස්ථාවර යුගලයක් ලෙස ක්‍රීඩා කලා.

පසුව මෙම ස්ථානයට හරියාකාර යුගලයක් පැමිනියේ නැත. ජයසූරිය හා ඩිල්ශාන් එක් අන්තයක වරින් වර සිටියත් අනෙක් අන්තයේ මයිකල් වැන්ඩොට්, තරංග පරනවිතාන වැනි අයත් සිටියත් ඔවුන් ස්ථාවර වූයේ නෑ.

මෑත කාලයේදී කෞශාල් සිල්වා තිරිමාන්න වගේ අයත් ස්ථාවර වූයේ නෑ. එහෙත් එක් අන්තයක් අදත් යම් ස්ථාවරයක් අප දකිනවා. ඒ දිමුත්ගෙන්. වසර 10 ක ක්‍රිකට් පරිපාලනයට විසදන්න නොහැකි වූ කාරන එයයි. අංක 3 හා 4 වසර ගනනාවක් ප්‍රශ්නයක් නොවූයේ සංගා මහේලගේ පුද්ගලික කැමැත්ත මතයි. ඩිල්ශාන්ගේ අත හදා බැලීම සාර්ථක වූ නිසා අවසන් කාලයේ ස්ථාවර වූවා. ඒ හැර කණ්ඩායමේ කිසිම ක්‍රීඩකයකුට අවසන් වසර 10 තුල ස්ථාවර වීමට ස්ථානයක් තිබුනේ නැත.

දැන් අභියෝග ගනනාවකි. එනම් අංක දෙක පමනක් නොව අංක තුනත් ප්‍රශ්නයකි. එසේම පහ හයත් හතත් ප්‍රශ්නයකි. දැනට ඇති හොඳම විසදුම ඉන්දිය විචාරකයන් පවා යෝජනා කරන ටෙස්ට් අංක තුන චන්දිමාලුත් හතර ඇන්ජලෝත් ක්‍රීඩා කිරීමයි. එනම් කණ්ඩායමේ හොඳම පිතිකරුවන් දෙදෙනා එම ස්ථානය ක්‍රීඩා කල යුතු වීමයි.

එක්දින කණ්ඩායමේ මීට වඩා ප්‍රශ්න ගනනාවකි. එය වෙනම කථාවකි. මෙම අවුල් ලිහීමට නිසි අවංක පාලනයක් පැමිනිය යුතුය. එසේම ඔවුන්ටද මෙය විසදීමට වසර දෙක තුනක් ගතවෙනුද ඇත. එසේ බලන විට ශ්‍රී ලංකාවේ වාසනාවට හැරෙන්නට පිලිවලකින් මේ කණ්ඩායම ප්‍රභල කණ්ඩායමක් වීමට නම් තව වසර දෙක තුනකට වඩා යන අතර 2019 ලෝක කුසලානය ගැන නම් එතරම් බලාපොරොත්තු තැබීම ශෝකයට හේතුවක් වනු ඇත.

Cricklanka.com

About article14

Check Also

භාතිය සන්තුෂ් උමාරියාගේ ගීතයක් අගමැති මෝදී අගමැති රනිල්ට පෙන්වයි පලුදු වූ සම්බන්ධකම් නැවත ගොඩනැගු හැටි සිරිසේනට කියන්න රනිල් යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කැඳවා ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!