Breaking News
Home / ක්‍රිඩා / අඩු ලකුණක් හබා ගිය ලංකාව චන්දි හා ධනාගේ උත්සාහයෙන් ප්‍රේමදාසේ අප්‍රිකාවට එරෙහි පළමු ජය ලබයි. පුර්ණ තරගාවලියේ තරග 3 ක් හැර සියල්ලෙ ජය ලංකාවට

අඩු ලකුණක් හබා ගිය ලංකාව චන්දි හා ධනාගේ උත්සාහයෙන් ප්‍රේමදාසේ අප්‍රිකාවට එරෙහි පළමු ජය ලබයි. පුර්ණ තරගාවලියේ තරග 3 ක් හැර සියල්ලෙ ජය ලංකාවට

සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පන්දුවාර 20 ක‍්‍රිකට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පන්දුවාර 16.4ක් අවසානයේ දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ ලකුණු 98 කට සියළුම ක්‍රීඩකයින් දෙනා දැවී ගියා.

Image may contain: 2 people, outdoor

ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම විස්සයි 20 තරගයකදී වාර්තා කළ අඩුම සංඛ්‍යාව වනවා.

ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ දකුණු අප‍්‍රිකානු මුල්පෙළ පිතිකරුවන්ට සාර්ථකවීමට අවස්ථාව හිමි වුණේ නැහැ. ආරම්භක පිතිකරුවන් වන හෂීම් අම්ලා ලකුණු නොලබා දැවී ගිය අතර ක්වින්ටන් ඞී කොක් ලකුණු 20කට දැවී ගියා. රීසා හෙන්ඩි‍්‍රක්ස් ලකුණු 19යි. ජේ පී ඩුමිනි දැවී ගියේ ලකුණු 03කටයි.

පන්දු යැවීමේදී ලක්ෂාන් සදකැන් ලකුණු 19 කට කඩුලු 3ක් දවා ගනු ලැබුවා. අකිල ධනංජය සහ ධනංජය සිල්වා කඩුලු 2 ක බැගින් දවා ගනු ලැබුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ලංකාවට 99 එතරම් පහසු වුයේ නැ. පළමු කඩුලු 2 ලකුණු 6 ක් ඇතුලත දැවී ගිය පසු ධනන්ජය සහ මුළු තරගාවලියම අහිමිව සිටි ටෙස්ට් නායක චන්දිමාල හොඳ සම්බන්ධයක් පැවැත්වුවා 53 ක.

Image may contain: one or more people and text

ධනංජය සිල්වා ලකුණු 31 යි. චන්දී නොදැවී 36 යි. දසුන් ශානක එක්මන් ලකුණු 16 ලබා ගත්තා. ලකුණු 99 ලබා ගැනීමට කඩුලු 7 ක් ලංකාවේ දැවී ගියා.

එසේම ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ජයද වනවා. එසේම තරග 18 කින් 4 වන ජයද මෙය වනවා. තරගයේ වීරයා කඩුලු .2 ක් හා ලකුණු 31 ක් ලබා ගත ධනංජය සිල්වා.

Image may contain: one or more people and outdoor

ඒ අනුව දකුණු අප්‍රිකා දිරාග සංචාරය මෙසේ අවසන් වනවා. එක්දින තරගාවලිය හා තරග 3 ක් පමණක් ලංකාව පරාජය වූ අතර ටෙස්ට් තරගාවලිය හා 20 20 ජයගෙන 2018 තරග වාරය අවසන් වනවා.

සැප්තැම්බර් මස ආසියානු කුසලානය මීලග ලංකා සංචාරය වනවා

 

 

About article14

Check Also

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි. විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා සෝබිත හිමි දේහයට දිවුරලා බලය රැකගන්න බැසිල් ලග වැද වැටුනා – මහාචාර්ය සරත් විජේසුරිය

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි.- මහාචාර්ය සරත් විජේසුරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!