Breaking News
Home / දේශීය පුවත් / අගමැති ජනපති අර්බුධය නිමවෙමින් යයි. කැබිනට් සංශෝදනයක් බහුතරය පෙන්වන ලැයිස්තුවට 6 ක් පක්ෂ දෙකටම අත්සන් කරලා

අගමැති ජනපති අර්බුධය නිමවෙමින් යයි. කැබිනට් සංශෝදනයක් බහුතරය පෙන්වන ලැයිස්තුවට 6 ක් පක්ෂ දෙකටම අත්සන් කරලා

අද(19) දිනයේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වූ අතර අද දිනයේ ස්ථාවර නියෝග සංශෝදනයන් හා මන්ත්‍රීවරුන්ගේ ආචාරධර්ම පද්දතිය පිළිබද විවාද පැවැත්වූ අතර ඒ අතර රටේ පවතින අස්ථාවර තත්වය පිළිබද විවාදයක් ඒකාබද්ද විපක්ෂ නායක දිනේෂ් ගුනවර්දන ඉල්ලා සිටියේ 20 දෙනකුගේ ඉල්ලීමක් මත. පාර්ලිමේන්තු සම්ප්‍රධාය මත මන්ත්‍රී වරු 20 දෙනකු ඉල්ලීමක් කල විට එය පිළිබද ඇහුන්කන් දීමට කතානායකවරයාට සිදුවනවා.

කෙසේ වෙතත් ඊයේ(18) දිනයේ ශ්‍රීලනිප පාර්ශවය ජනාධිපතිවරයා මුණගැසී එකගවී ඇත්තේ ඔවුන්ගේ කිසිවකු අද පාර්ලිමේන්තු නොයන බවයි. එහෙත් එම තීරණයට වෙනස් තීරණයකින් අද දිනයේ විජයමුණි සොයිසා, ග්‍රේරු, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ඉන්දික බණ්ඩාරනායක වැනි මන්ත්‍රීවරුන් හත් අට දෙනකු පාර්ලිමේන්තුවට පැමිණි බවයි.

තවද අද දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් කිහිපයක් නම් ආණ්ඩුව බහුතරය පෙන්වීමට අත්සන් තැබූ ලැයිස්තුවල මන්ත්‍රීවරු 6 ක් එජාප ලයිස්තුවේ හා සන්ධාන ලයිස්තුවේ යන දෙකේම අත්සන් තබා ඇති බව ඒකාබද්ද විපක්ෂයේ ප්‍රබලයෙක් සදහන් කළා. මෙම ව්‍යාකුල තත්වය හමුවේ මෙම බහුතරය පෙන්වීමේ සංග්‍රාමය නිමවෙමින් යන බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ.

තව කාරනයක්නම් 19 සංශෝධනයට අනුව අගමැතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කිසිදු වගන්තියක් ඇතුලත් නොවන අතර ඇමති මණ්ඩලය සංශෝදනයට ජනාධිපතිවරයාට හැකිවන අතර හවුල් ආණ්ඩුවෙන් ශ්‍රීලනිප ඇමතිවරු ඉවත් වුවත් එයින් එජාප ඇමතිවරුන්ගේ ධුර අහෝසිවන බව සදහනක් මෙහි නොමැති බවයි ව්‍යවස්ථා ප්‍රවීණයකු පවසා සිටියේ. සිදුවන එකම කාරනය සමුහ ආණ්ඩුවක් නොවී තනි ආණ්ඩුවක් වූ විට ඇමතිවරු සංක්‍යාව පමණක් අඩුවීමයි.

එසේම මෙම ගැටුම වඩාත් තිවුර වීමට හේතුවුයේ එජාපය තනි ආණ්ඩුවක් සැදීමට කටයුතු කරන බව කිඅ නිසා සන්ධාන පාර්ශවයද එකට එක කිරීමට බලය පෙන්වීමට යාමෙන් බවයි ආරංචිමාර්ග සදහන් කරන්නේ. එසේම අද දිනයේ පාර්ලිමේන්තුවේ විශේෂ කතාවකට සියල්ලගේම අවධානය යොමුවූ අතර එය සියල්ලම අවධානයෙන් අසාගෙන සිටි අතර එයනම් විපක්ෂ නායක සම්බන්ධන්ගේ කතාවයි. ඔහු පවසා සිටියේ දකුණේ අහිංසක මිනිසුන්ගේ චන්දය ගැනීමට රට බෙදනවා යන මතය වපුරා ජාතිවාදය අවුස්සා චන්දය ගෙන දකුණේ අහිංසක සිංහල මිනිසුන්ගේ හදවත් හා මනස පාරා ඇති බවයි. මෙම කතාව පක්ෂ විපක්ෂ සියල්ල නිහඩව සවන් දීම විශේෂත්වයක්.

ලබන බ්‍රහස්පතින්දා කැබිනට් සංශෝදනයක් සිදුවීමට නියමිත අතර ප්‍රධාන අමතිදුර ගණනක් පමණක් එහිදී වෙනස් වීමට නියමිතයි. මේ වන විට අර්බුද සියල්ල අවසන් වී ඇති අතර ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යන බවද අද එස්බී දිසානායක මහතා ජනාධිපතිවරයා වෙනුවෙන් පවසා සිටියා. එහෙත් තවත් ශ්‍රේෂ්ටාධිකරණයෙන් අගමැති ඉවත් කිරීමට උපදෙස් පතනවායයි කියූ කාරණය සතියක් පුරා අගමැති එළවීමට ගත උත්සාහය අසාර්ථක වීම ශ්‍රී ලනිපය හා ජනාධිපතිවරයා එකවර පරාජයක් ලෙස පෙන්වීමට නොහැකි නිසා ක්‍රමයෙන් එය සමාජගත කිරීමේ උපක්‍රමයක් හා ලැජ්ජාව පිළිබද ප්‍රශ්නයක් බවයි දේශපාලන විචාරකයන්ගේ අදහස.

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ 70 දශකයේ රහස් මිනීමැරුම චන්ද්‍රන්රත්නම් සිනමාවට නගයි. සුරූපී ජැකලින්ගේ රංගනය ශ්‍

ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකා සිනමාකරු චන්ද්‍රන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!