Breaking News
Home / දේශීය පුවත් / “අගමැති කම හොරුන්ට දෙන්නේ නැ. එය එජාපය සතුයි” පක්ෂය රනිල්ට එරෙහි වෙද්දි මෛත්‍රි එජාපෙට පොරොන්දුවක් දෙයි

“අගමැති කම හොරුන්ට දෙන්නේ නැ. එය එජාපය සතුයි” පක්ෂය රනිල්ට එරෙහි වෙද්දි මෛත්‍රි එජාපෙට පොරොන්දුවක් දෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරු සිවු දෙනෙකු අතර විශේෂ හමුවක් අද (03) පෙරවරුවේ සිදුව තිබෙනවා.
හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, අජිත් පී පෙරේරා සහ අශෝක්  අබේසිංහ යන අමාත්‍යවරුන් මෙම හමුවට පැමිණ  ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා  කර ඇති අතර ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාව රැක  ගැනීමට තමන් උත්සාහ  කරන බවයි.
යම් ලෙසකින් විශ්වාසභංග යෝජනාවෙන් අග්‍රාමාත්‍යවරයා පරාජය වුවහොත් පත්කරනු ලබන්නේ ද එක්සත් ජාතික පක්ෂ අගමැතිවරයෙකු බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.
තමන් හොරු සමග එක් නොවන බව අවධාරණය කර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් පිළිබඳව විශ්වාසය තබන ලෙස එහිදී එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරු සිවු දෙනාට දැනුම් දී තිබෙනවා.

About lanka

Check Also

ඒබීඩී විලියර්ස්ගේ ෆේස්බුක් ෆෑන් පේජ් එක ලංකාවෙ ප්‍රේක්ෂකයන් වනසයි ඔෆ් සීසන් කතාවට පරාජයත් එක්ක සිංහලෙන් ඉංග්‍රීසියෙන් රිදෙන්න කියපු හැටි

කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනා ගත්ත ක්‍රීඩකයෙක් තමයි දකුණු අප්‍රිකාවේ AB de Villiers. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!