Breaking News
Home / දේශීය පුවත් / අගමැති අනුග්‍රහයෙන් මිහින්තලේ පුදබිම ජාතික උරුමයක් බවට පත්කරයි

අගමැති අනුග්‍රහයෙන් මිහින්තලේ පුදබිම ජාතික උරුමයක් බවට පත්කරයි

ඓතිහාසික මිහින්තලය පුද බිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ අනුබුදු මිහිදු මහා රහතන් වහන්සේගේ පරිනිර්වාණ පිංකම සැමරීම වෙනුවෙන් ඊයේ (06) දින මිහින්තලය, රජ මහා විහාරයේදී පැවැත්වෙන ජාතික මහෝස්තවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.

මහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමඛ ස්වාමීන් වහන්සේලා 1500 නමක් සහ මෙහෙනින් වහන්සේලා සියක් නමකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සාංගික දානමය පිංකම අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් මිහින්තලය රජ මහා විහාරස්ථානයේදී පැවැත්විණි.

එහිදී මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ අනුශාසනාවක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරායා විසින් මිහින්තලය රජ මහා විහාරය සදහා දක්වන දායකත්වය අගය කරමින් අග්‍රාමාත්‍යවරයා හා එතුමාගේ මැණියන් විසින් පළමුවරට මිහින්තලය පුද‍බිමේ අලෝක පූජාවක් පැවැත්වීම පිළිබදව ද සිහිපත් කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, රවි කරුණානායක, කෘෂිකර්ම, පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර යන මහත්ම මහත්මීහු සහ දේශපාලනඥයින් ඇතුළු බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වී සිටිම විශේෂත්වයක්.

About article14

Check Also

අවුරුදු 30 ක් සැලසුම් කල යාපනය ගුවන්තොටුපල මාස 6 න් හදපු හැටි

වසර 30 ක් පුරා සාකච්ඡාවට පමණක් සීමා වී, වැඩ ආරම්භ නොකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!