Breaking News
Home / දේශීය පුවත් / අගමැති අද බැඳුම්කර කොමිසමට. ලංකාවේ පලමු අවස්ථාව. හොඳ දේ හොඳයි. ඒත් චූදිතයන්ට දඬුවම් ලැබිය යුතුයි

අගමැති අද බැඳුම්කර කොමිසමට. ලංකාවේ පලමු අවස්ථාව. හොඳ දේ හොඳයි. ඒත් චූදිතයන්ට දඬුවම් ලැබිය යුතුයි

අග්‍රාමාත්‍යවරයා (20) බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි අගමැති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසිය.

පස්වරුවේ ෂැන්ග්‍රිලා – කලම්බෝ හෝටලයේ පැවැත්වෙන ‘බිස්නස් ටුඩේ – ටොප් 30′ (BUSINESS TODAY TOP 30 & BUSINESS TODAY PASSIONATE) සම්මාන උළෙලේදී මෙම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවත්, සියලු මාධ්‍ය එම අවස්ථාවට කැඳවනු ලබන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

බිස්නස් ටුඩේ’ ආයතනය විසින් ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයින් දිරි ගැන්වීම සඳහා පැවැත්වෙන මෙම සම්මාන රාත්‍රීයට රටේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයින්ට ආරාධනා කර ඇති බව බව වාර්තාවේ.

අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමට යන්නේ කොමිසමේ කැඳවීමකින් නොව ස්වේච්ඡාවෙන් ම බවත්, මෙය ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ලක්ෂණයක් බවත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය නම් කොමිසම හමුවට යාම සිය ඉන්දීය සංචාරයෙන් පසුවට කල් දැමීමට තිබුණත් ඔහු ඉන්දීය සංචාරයට පෙර ම කොමිසම හමුවේ පෙනී සිටීමට තීරණය කල බවද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඊයේ මහනුවර දී මාධ්‍ය හමුවේ පැවසිය.

– SLM

ලංකා අගමැතිවරයෙක් මෙවන් කොමිසමකට යාම සාධනීය වෙනසක් ලෙස අප අකමැත්තෙන් වුවත් පිලිගත යුතුයි. එහෙත් ඔහු වැරදිකරුවකු නම් ඔහුත් ඉල්ලා අස්විය යුතු අතර ඔහුගේ පිලේ හෝ වෙනත් හිතවතුන් මෙයට සම්බන්ධනම් ඔවුන්ට දඬුවම් දී නැවත එම මුදල් භාණ්ඩාගාරයට අය කරගත යුතුයි.

එසේම පසුගිය ආණ්ඩුවල අගමැති ජනාධිපති ඇමති යන අයගේද දූෂන හොරකම් වලටද මෙවන් සක්‍රීය ක්‍රමයකට ජනතාවට පෙනෙන ආකාරයෙන් විභාග කර වැරදිකරුවන්ට දඬුවන් ලබා දිය යුතුයි. මේ වන විට ජනතාවට බැඳුම්කර හොරකම හෙලිවී ඇති නිසා පරණ හොරකම් ගැනද හෙලිකල යුතු අතර බලන් ඉන්න ජනතාවට ඇති හිරිකිතය නම් චෝදනා ලබා හිරේ විලංගුවේ වැටුන අළුත් හොරුන්ට වැඩි වැඩියෙන් හොරු හොරු ගෑමයි.

About article14

Check Also

ඩේසිගේ පුතාලා තූ අම්මපා ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා මේකද ප්‍රජාතන්ත්‍රවාදය – උපහාසාත්මක සමරේගේ ආතල් සාගරේ

ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා ප්‍රජාතන්ත්‍රවාදයද සමරේගේ ආතල් සාගරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!