Breaking News
Home / දේශීය පුවත් / අගමැතිගේ ගව ඝාතන තහනම් යෝජනාව මසකින් කල් යයි තවත් ඒ පිළිබද සාකච්ඡා කලයුතු බව කැබිනට් ප්‍රකාශක කියයි

අගමැතිගේ ගව ඝාතන තහනම් යෝජනාව මසකින් කල් යයි තවත් ඒ පිළිබද සාකච්ඡා කලයුතු බව කැබිනට් ප්‍රකාශක කියයි

මෙරට තුළ ගවයන් ඝාතනය තහනම් කිරීමේ තීරණය නීතිගත කිරීම තවත් මසකින් පමණ කල් දැමීමට රජය තීරණය කර තිබේ.

කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී මේ බව සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද අතර එම යෝජනාව සම්මත වූ බවද ඇමැතිවරයා පැවසීය.

මෙම තහනම් කිරීම මාසයකින් කල් දමන ලද්දේ මේ සම්බන්ධයෙන් වෙනත් පාර්ශවවලට සාකච්ඡා කිරීමට අවශ්‍ය කාලය ලබා දීමට බවද ඔහු කියා සිටියේය.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!