Breaking News
Home / ක්‍රිඩා / අකිල පළමු දිනයේ නවසීලන්තය දනගස්සු නිසා සුරංග උදැසන අනෙක් කඩුලු බිදහෙලා 249 කට සිමා කරයි

අකිල පළමු දිනයේ නවසීලන්තය දනගස්සු නිසා සුරංග උදැසන අනෙක් කඩුලු බිදහෙලා 249 කට සිමා කරයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන දිනය මේ වනවිට ක්‍රියාත්මක වන අතර දිවා අහාරය වන විට ලංකාව 34/1 යි. වාර්තාකරුවන පවසන්නේ කී‍්‍රඩාංගණයට හොදින් සූර්යාලෝකය පතිත නොවුනද වැසිබර කාලගුණික තත්ත්වයක් නොමැති බවයි.

ඊයේ දිනයේ වර්ෂාව ඇද හැලීම හේතුවෙන් ඊයේ දිනයට නියමිත පන්දුවාර 22 ක් කි‍්‍රයාත්මක කිරීමට හැකි වූයේ නැහැ. දිනය තුළ කි‍්‍රයාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 68 ක් පමණයි. ඒ වනවිට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය කඩුළු 5කට ලකුණු 203 ක් රැස්කර ගෙන සිටියා. ඒ සියලුම කඩුලු දවාගත්තේ ලෝක කුසලානයට සුදුසුකම් නොලැබූ අකිල ධන්ජය විසින්.

අද දිනයේ පළමු පන්දුවෙන්ම ශී‍්‍ර ලංකාවට හිසරදයක් වී සිටි රොස් ටේලර් ලකුණු 86 කට දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වුණා. නවසීලන්තය පන්දුවාර 84 ක් අවසානයේදී කඩුළු සියල්ල දැවී ලබාගත්තේ ලකුණු 249 පමණයි. අද දිනයේ සියලු කඩුලු ලබාගත්තේ ලක්මාල් විසින්. අද දිනයේ නවසීලන්තය පන්දුවාර 16 තුල ලබා ගත්තේ ලකුණු 46 පමණයි. එයට කඩුලු 5 දැවී ගියා.

සුරංග ලක්මාල් ලකුණු 29 ට කඩුලු 4 යි. අකිල ධනංජය ලකුණු 80 ට කඩුලු 5 යි. රෝස ටේලර් වැඩිම ලකුණ ලබාගත් අතර ඔහු ලකුණු 86 යි. නිකොලස් ලකුණු 42 යි.

කෙසේ වෙතත් සුපුරුදු පරිදි ගාල්ල තණතිල්ල දගපන්දු යවන්නන්ට හොද දග කැවීමක් මෙන්ම ඉලිප්පිමක් පෙන්නුම් කරනවා. තුන්වන දිනයෙන් පසු ගාල්ලේ දගපන්දු යවන්නන්ට මුහුණ දීම ඉතා අසීරු නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 150 ක පමණ වාසියක් මත නවසීලන්තයට දෙවන ඉනිම ක්‍රීඩා කරීමට ලබා දුනහොත් ලංකාවට ජයගැනීමට බොහෝ වාසියක් තිබෙනවා.

සවස් වන විට කාලගුණ තත්වය එතරම් යහපත් නොවීමත් මේ තරගයට යම් බලපෑමක් ඇතිකළ හැකි අතර ගාලු ක්‍රීඩාංගනය ලංකාවට ජයගත හැකි ක්‍රීඩාංගනයක් ලෙස ඉතිහාසගත නිසා ලංකාවට යම් වාසියක් මේ තරගයේ තිබෙනවා.

About article14

Check Also

රනිල් මිහින්තලා පුජා භූමියට රාත්‍රිය පහන් වන තුරු දවස් 365 ම විදුලි ආලෝකය දෙයි

ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම විදුලි ආලෝකවත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!