Breaking News
Home / ක්‍රිඩා / අකිල ධනංජයගේ පන්දු යැවීම ඉරියව්ව නීති විරෝධී බව අයිසීසීය කියයි

අකිල ධනංජයගේ පන්දු යැවීම ඉරියව්ව නීති විරෝධී බව අයිසීසීය කියයි

අකිල ධනංජයගෙ පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධ් බවට ICC දෙවන වරටත් සනාථ කර තිබෙන අතර ඒ අනුව අකිලට වසරක කාලයක් අන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් තරඟාවලි වලට සහභාගි වීමේ තහනමක් පනවා තිබෙනවා.

මේ චෝදනාව හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල ඔහුගේ පන්දු යැවීම මීට පෙර ද තහනම් කෙරුණු අතර තම ඉරියව්ව නිවැරදි කර යළි තරග බිමට පිවිසීමට ඔහුට අවස්ථාවක් ලබාදී තිබුණි. ඒ අනුව ඔහුගේ පන්දු යැවීමේ නව ඉරියව්වට මේ වසර මුලදී අනුමැතිය හිමිවිය.

අකිල ධනංජයගේ ක්‍රිකට් ජිවිතයට මෙය දැඩි ලෙස බලපාන අතර ශ්‍රී ලංකාවේ මෑත කාලයේ ඉදිරිපෙළ දග පන්දු යවන්නා ලෙස කටයුතු කල නිසාවෙන් ජාතික කණ්ඩායමට මොහු නොමැති වීමෙන් විශාල ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇති.

එසේම එළබෙන 20 20 ලෝක කුසලානයක් සහා තේරීමේ තරග වලටද මුහුණ දීමට සිටින ලංකාවට අකිල අහිමිවීම දැඩි බලපෑමක් ගෙන දෙනු ඇති. කෙසේ වෙතත් මෙලෙස නැගී ආ ප්‍රභල දග පන්දු යවන්නන් ගණනාවක් මේ චෝදනාවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය කඩාකප්පල් විය.

එයට පකිස්තන්නයේ සහිඩ් අජ්මාල් කොදෙව් ක්‍රීඩක සුනිල් නරායන් සචිත්‍ර සේනානායක වැනි ක්‍රීඩකයන් බිලි වූ අතර අකිල දැන් එයට අසුවී ඇත. ඉන්දියානු ක්‍රීඩකයන්ගේ කෙතරම් ඉරියව් ප්‍රශ්න ඇතත් ඔවුන් පිළිබද කිසි චෝදනාවක් නොනැගීම ලොව පුරා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඇති ප්‍රශ්නයක්.

About article14

Check Also

දයාසිරි ශ්‍රීලංකා නිදහස් පක්ශයේ නායක කම ගන්න කුරුණෑගල තනි මනාප ගන්න කුමන්ත්‍රණයක

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා නිදහස් පක්ශ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ හදිසි රැස්වීමක් අද දින දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!